ජනතාවට එන්නත් මාත්‍රා 19,498,407ක් ලබාදී අවසන්

අගෝ 30, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 19,498,407 ක් මේ වන විට ලබා දී ඇති බවට වාර්තා වේ.

    ඇස්ට්‍රොසෙනෙකා එන්නතේ පළමු මාත්‍රා 1,391 ක් මේ වන විට ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිස 1,460 කි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 8,855 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 93,715 කි. ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 977 කි.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 07 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 11,835 කි. ඉකුත් දින 7 තුළ දී මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,583,927 කි. එන්නත් මාත්‍රා 118,241 ක් ඊයේ ලබාදී ඇත.

    Latest News