කොරෝනා මර්ධනයට ආයුර්වේද ප්‍රතිකාර නිවෙස්වලටම (වීඩියෝ)

අගෝ 30, 2021
  • බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය තුළින් රෝගීන් රැකබලා ගැනීමේ සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ.

    ඒ, කොරෝනා රෝගීන් නිවෙස් තුළම තබාගෙන ප්‍රතිකාර කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුවයි.

    ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන නිවෙස් තුළ සිටින රෝගීන් හා නිරෝධායනය වූ පවුල් සඳහා බස්නාහිර පලාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40 ක ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදු කරනවා .

    ඒ අනුව රෝගීන් හා නිරෝධායන වන නිවෙස්වලට ගොස් දේශිය ආයුර්වේද ඖෂධ නොමිලේම ලබාදෙමින් වෛද්‍ය උපදෙස් ද ලබා දෙන ආකාරය ප්‍රදේශ කිහිපයකදීම දැකගන්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

    වැඩි රෝග ලක්ෂණ ඇති රෝගීන් රෝහල් ගත කිරීම වැලැක්වීමටත් අසාධ්‍ය රෝගීන් ඉක්මනින් සුවකර ගැනීමටත් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

    ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමු වෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන රෝගීන්ට හා නිරෝධායන වන පවුල් සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කොළඹ, ගම්පහ, සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතළිහක් හරහා මෙම ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටිනවා.

    එමෙන්ම අනිකුත් රෝගීන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම සායනික කටයුතු ද මේ දිනවල සිදු කෙරෙනවා.

    මෙම ප්‍රතිකාර තුළින් සෞඛ්‍යය පිරිවැය අවම කර ගැනීමට ද හැකිවන බවයි බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසන්නේ .

    Last modified on සදුදා, 30 අගෝස්තු 2021 14:07

    Latest News