සවසට වාහන බලන්න එන අලි රාළහාමි

අගෝ 23, 2021

    දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ සවස හයෙන් පසුව ගමන් කරන වාහනවලට තනි අලියෙකුගෙන් බාධක සහ හිරිහැර සිදු වෙන බව වාහන හිමියෝ පවසනවා.

    එහෙත් මෙම තනි වන අලියා වාහනවලට පහර දීම් සිදු නොකරන බවත් ගමන් කරන ජනතාව බියට පත්වී අනතුරුවලට ලක්වන අවස්ථා සිදුවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.

    සවස හය පමණ වන විට ප්‍රධාන මාර්ගයට පැමිණෙන මෙම තනි අලියා මාර්ගය දිගේ කිලෝ මීටර් දෙකක් පමණ දුර එහා මෙහා ඇවිදිමින් රාත්‍රී 8 පමණ වන තෙක් මාර්ගයේ රැඳී සිටින බවත් ඔහුගේ විනෝදාංශය රථවාහනවල ආලෝකයට මාර්ගයෙන් එහා මෙහා පනිමින් ඇවිද යෑම බව වාහන හිමියෝ පවසනවා.

    Latest News