නිවසේ ප්‍රතිකාර ලබන ආසාදිතයන් දින 14ක් රැදී සිටීම අනිවාර්යයි

අගෝ 18, 2021

    නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් අවම වශයෙන් දින 14ක් නිවසේම රැඳී සිටීම අනිවාර්ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    අද මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    "නිවෙස් නිරෝධායනය වන අය වගකීමෙන් හැසිරිය යුතුයි නියමිත දින ගනිමින් පසුවත් විශේෂ හේතුවක් නැතුව එළියට නොයන්න තවත් විවේකය ලබා ගැනීමට කටයුතු කරන්න. මොකද අපිට මීට පෙර නියමිත දින ගණන පසු කරල නැවත රෝගය මතුවූ අවස්ථා තිබෙනවා.

    නිවෙස් නිරෝධායනය වන අයට වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔවුන් නියමාකාරයෙන් ලියාපදිංචිවී අවශ්‍ය කටයුතු කරත් සමහර අවස්ථාවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයම නොලැබෙන්නට පුළුවන්. විශේෂඥ වෛද්‍යවරු සිටින්නේ එක් අයෙකු පමණයි. නමුත් හැකි සෑම අවස්ථාවකදීම වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීමට කටයුතු සූදානම් කර තිබෙනවා'"

    Latest News