ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දැනුම්දීමක්

ඔක් 02, 2021

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම නැවත ඔක්තෝබර් මස 4 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    එහි සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් වෙන්කර ගත යුතු බවයි,නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කර ඇත්තේ.

    ඒ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතිය අතර, ස්ථාවර දුරකථනයකින් නම් අංක 1225 ඇමතිය හැකියි.

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එමෙන්ම www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් යෙදුම මඟින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි බවයි.

    ඊ චැනලින් සේවාව මඟින් මීට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගත් එහෙත් සේවාවන් ලබාගත නොහැකි වු සේවාලාභීන්ට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව පසුව දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

    Transport Medical

    Latest News