වෙට්ටු දැමූ හොර නෝට්ටු මාට්ටු

අගෝ 16, 2023

    රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 18 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවකද ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ.

    එම කාන්තාව ආපනශාලාවකට ව්‍යාජ නෝට්ටුවක් ලබාදීමට තැත් කිරීමේදී එහි හිමිකරු පොලීසිය දැනුවත් කර තිබෙනවා.

    කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 17 ක් සමග නෝට්ටු මුද්‍රණයට භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු පරිගණක උපාංග සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.


    Latest News