සුළඟ තදයි;ධීවර කටයුතු පරිස්සමින්

පෙබ 13, 2019

    දිවයින හරහා හා දිවයින අවට ප්‍රදේශවල සුළඟේ වේගය අද දිනයේ දී වැඩි විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි, කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ. දිවයින හරහා විශේෂයෙන්ම වයඹ,උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60 දක්වා වැඩිවිය හැකියි.

    හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 70 දක්වා වැඩිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

    Latest News