අත්‍යවශ්‍ය භාණ්ඩවල රජයේ පාලන මිල කැඩුවොත් දඩය ලක්ෂයක්

අගෝ 10, 2021

    මෙරට වෙළදපොල තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කිරීම සදහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අළෙවි කරන පුද්ගලයින්ට මෙතෙක් පනවා තිබූ රුපියල් 2,500 ක දඩය රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණ.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ, සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ට අඩුවෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය අනපනත් හා නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි.

    ජාවාරම්කරුවන් විසින් විවිධ ලාභ ලැබීමේ අරමුණින් වී තොග රැස්කරන පුද්ගලයින්ගේ වී තොගය ලියාපදිංචි කිරීමට සිදුවන බවත්, ලියාපදිංචි නොකර වී අලෙවි මණ්ඩලයේ ගොවීන් සහ වී මෝලි හිමියන් හැර වෙනත් තෙවැනි පාර්ශවයක් වී තොග රැස්කර ඇත්නම් ඒවා සිය්ලලම වැටලිම් කිරිමටත් රාජසන්තක කිරීමත් හැකි වන ලෙස පාරිභෝගික ආරක්ෂන පනත වෙනස් කිරීම සඳහා සංශෝධන 75ක් නීතිපතිතුමාට භාරදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    01

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 11:21

    Latest News