මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අගෝ 09, 2021

    මාතලේ ප්‍රදේශ කිහිපයක හෙට (10) පෙරවරු 08.00 සිට අනිද්දා (11) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන සියලු ප්‍රදේශයන්වල ජල කප්පාදුව සිදුකෙරේ. 

    “විසල් මාතලේ“ ජල ව්‍යාපෘතියේ නළ මාර්ග ඉදිකිරීමේදී සිදුවන අවහිරතා හේතුවෙන් එම ජලකප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

    Latest News