සංකූලතා නොමැති රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම අද සිට

අගෝ 09, 2021

    සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කෙරේ.

    මෙතෙක් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වූ එම ක්‍රමවේදය අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ යුතුයි. 

    ඒ අනූව අවුරුදු 2 - 65ත් අතර සංකූලතා නොමැති රෝග ලක්‍ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කෙරේ.

    එමෙන්ම අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතට රෝගීයා ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පැය 24 පුරා ක්‍රියාත්මක 1390 අංකය ඇමතීමෙන් ඒ සදහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර ඒ හරහා රෝගීන් කළමණාකරණය කෙරෙනු ඇති.

    Last modified on සදුදා, 09 අගෝස්තු 2021 10:38

    Latest News