ඊයේ මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 91,555කට එන්නත්

අගෝ 08, 2021

    එන්නත්කරණය වැදගත් කරුණක් බැවින් ළගම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙසයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

    මෙරට පුද්ගලයින් 27 ලක්ෂයකට අධික සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා මර්දන එන්නතේ දෙවන එන්නත් මාත්‍රාව ලබා දී තිබේ.

    පුද්ගලයින් එක් කෝටි අට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මේ වන විට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.

    ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 29,654 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රව 9,570 දෙනෙකු සඳහා ලබා දී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 63,461 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 69,736 දෙනෙකු සඳහා ලබා දුන් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 2,962 නෙකු සඳහා ලබා දුන් අතර එහි දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 58ක්. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලියින් 19,115 දෙනෙකු සඳහා ලබා දී ඇත.

    ඒ අනුව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 91,555 දෙනෙකුට එන්නත්කරණය සිදු කළ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

    Last modified on ඉරිදා, 08 අගෝස්තු 2021 13:12

    Latest News