හජ් උත්සවය අද

ජූලි 21, 2021

    ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ හජ් දිනය සමරයි. ඉස්ලාම් ජනතාව හජ් දිනය සැමරීමේ නිරතව සිටින්නේ ඉබ්‍රාහිම් නබිතුමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කළ කැපකිරීම් සහ පරිත්‍යාගයන් සිහිපත් කිරීම සඳහායි.  

    ඉස්ලාම් බැතිමතුන් ජීවිත කාලයේ දී ඉටුකළ යුතුකම් අතරින් අවසන් යුතුකම් ලෙස සලකනු ලබන්නේ,ශුද්ධ වූ හජ් වන්දනාවේ යෙදීමයි. සෞදි අරාබියේ මක්කම නගරය ඇතුළු බොහෝ පූජනීය ස්ථාන වන්දනාමාන කිරීම සඳහා ලොව පුරා නන් දෙසින් වාර්ෂිකව ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශුද්ධ වූ මක්කම නගරයට පැමිණෙයි.

    එහෙත්, මෙවර මක්කම වන්දනාවේ යෙදීමට අවසර හිමිව ඇත්තේ, දස දහසක් පමණ වූ බැතිමතුන් පිරිසකට පමණයි. කොවිඩ් වසංගතයේ බලපෑම ඊට හේතුවයි. පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් සෞදි අරාබි රජය දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන සලසා තිබේ.

     

    Latest News