ජාකොබ් සිරකිරීමෙන් ද.අප්‍රිකාව තවමත් උණුසුම්

ජූලි 15, 2021

    දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජාකොබ් සූමා සිරගත කිරීමට එරෙහිිව රට පුරා තවමත් විශාල විරෝධතා රැල්ලක් පවතියි. විදෙස් වාර්තා සඳහන් කරන්නේ,එහිදී ඇතිවූ ගැටුම්වලින් අද වන විට 70 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

    ආරක්ෂක අංශ මගින් පාලනය කළ නොහැකි තරමට විරෝධතා සඳහා පිරිස් සහභාගී වෙමින් සිටියි. විරෝධතා ක්‍රමයෙන් මංකොල්ලකෑම් හා දේපල විනාශ කිරීමේ භයානක තත්වයකට ද පත්ව තිබේ. සාමාන්‍ය ජනතාව තම ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීම සඳහා ආයුධ සන්නද්ධව සිටින බවයි,වාර්තා වන්නේ.

    මංකොල්ල කණ්ඩායම්,විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ යන කණ්ඩායම් ත්‍රිත්වයක වියවුල් සහගත තත්වයක් සමහර ප්‍රදේශවලින් දැක ගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන්.

    ආහාර හා භාණ්ඩ කොල්ලකරුවන් විසින් සොරා ගනු ලැබීම හේතුවෙන් රට තුළ ආහාර හා ඉන්ධන සම්බන්ධ ගැටලු රැසක් ද මතුව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 11:10

    Latest News