තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට

ජූලි 12, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

    මෙය ශ්‍රී ලංකාවට ගෙන්වන ලද දෙවන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයයි. මේ අනුව, මේ වන විට මෙරටට ගෙන්වා ඇති මුලු ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 52,000ක්. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එන්නත් තොගය අද අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ඒවා අද පෙ.ව. 3.15ට පමණ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රැගෙන ගොස් එහි පිහිටි අධි ශීතකරණවල ගබඩා කරනු ලැබුවා.

    Latest News