සයිනොෆාම්වලින් ඩෙල්ටාට එරෙහි සුවිශේෂ රැකවරණයක් - මහාචාර්ය ජයසුමන

ජූලි 12, 2021

    කොරෝනා ප්‍රතිශක්තිකරණ සයිනෝෆාම් එන්නත මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුවිශේෂී රැකවරණයක් ලැබෙන බවට දේශීය පර්යේෂණයකින් මූලික අනාවරණයක් සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    චීනයෙන් ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ විස්ස අද (12) දිනයේ සිටම මේ රටේ ජනතාවට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා ලක්ෂ පහක් කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ තුනක්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, කුරුණෑගල දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක් හා අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්ක වලට එන්නත් ලක්ෂය බැගින් ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වරයා අනුරාධපුරයේදි ඊයේ (11) පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර, ශාවස්තිපුර පහේ ඇළ හන්දිය සිට ජර්මන් පාලම දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි .

    මෙම කිලෝමීටර් එක හමාරක් පමණ වූ මාර්ගය සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 350ක් පමණ මුදලක් ඇස්තමේන්තු කොට තිබේ.

    දේශීය වශයෙන් සිදුකළ සිදු කළ පර්යේෂණයක ඩෙල්ටා කොරෝනා ප්‍ර බේධයට සයිනෝ ෆාර්ම් එන්නත මගින් සුවිශේෂී රැකවරණයක් ලැබෙන බවට අනාවරණය වී ඇති බවත් එම පර්යේෂණ තොරතුරු ඉදිරි සති කිහිපය තුළදී එළිදැක්වීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසීය.

    Latest News