ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වීමෙන් ගමනාගමනයට බාධා

පෙබ 10, 2019

    දියතලාව, බණ්ඩාරවෙල අතර ඔත්තකඩේ දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වීම නිසා දුම්රිය ගමනාගමනය පැය හයකට අධික කාලයක් ඇණහිට තිබේ.

    කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා යකඩ කම්බි තොගයක් රැගෙන ධාවනය වූ මෙම ලොරිය කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරාගේ පාලනයෙන් මිදීගොස් තිබේ. ලොරිය ඉවත් කිරීමට දොඹකර තුනක සහය ලබාගැනීමට සිදුවිය. මේ නිසා මෙම මාර්ගයේ ගමන් කළ ජනතාව හා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.

    Last modified on ඉරිදා, 10 පෙබරවාරි 2019 13:04

    Latest News