බලපිටිය පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට (වීඩියෝ)

පෙබ 10, 2019

    බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකළ නව සිව්මහල් පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද (10) සිදු කෙරිණ.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතාවට වඩාත් හොඳ රාජ්‍ය සේවාවක් සැපයීම මෙහි අරමුණ වී තිබේ. ඊට වැය කෙරුණු මුදල රුපියල් හත්කෝටි හතළිස් අට ලක්‍ෂයක්.

    මෙහිදී නිලධාරීන්ට මෙන්ම විවිධ සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට ද පහසුකම් රැසක් සලසා ඇත. නවීන පහසුකම්වලින් මෙම පරිශ්‍රය සමන්විතවේ. වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 11:55

    Latest News