අධික වේගයෙන් පැදවූ රිය අඩි 25ක ප්‍රපාතයට

පෙබ 10, 2019

    මිනුවන්ගොඩ සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.


    ඊයේ රාත්‍රී 7ට පමණ අනතුර සිදුව ඇත්තේ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන්-සැටැඩන්වත්ත ප්‍රදේශයේදීය. අධික වේගයෙන් ධාවනය වෙමින් තැබූ වෑන් රථයේ දකුණු පස පිටුපස රෝදය එකවර ගැලවී යාමත් සමඟ වෑන් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලී තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයට අධික වර්ෂාව පැවති බව අප වාර්තාකරු පවසයි. වෑන් රථයේ ගමන් ගත් අනෙක් අයට කිසිදු අනතුරක් සිදුවී නොමැත. හැටන් පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.

    Latest News