අනවසර ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට

පෙබ 10, 2019

    ත්‍රිකුණාමලය, කොත්තුඩුවාව මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දියානු ජාතිකයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දීය ජාතිකයින් 07 දෙනෙකු නාවික හමුදා බාරයට ගනු ලැබීය. සැකකරුවන් අවුරුදු 15, 21,25, 30 සහ 41යන වයස් කාණ්ඩවල පසුවන්නන් වේ. සැකකරුවන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැටලීම සිදුකරනු ලැබුවේ ඊයේ පෙරවරුවේ. ත්‍රිකුණාමල වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News