ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද

ජූනි 30, 2021

    ශ්‍රී ලාංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කෙරේ.

    ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අද (30) පෙරවරුවේ මෙම පත්කිරීම සිදු කරනු ලැබීය.

    මෙයට පෙර හීන්කෙන්ද මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හඩ්සන් සමරසිංහ මහතා පත්කෙරිණි.

    නව පත්තකිරීම සිදු කෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විපේවීර, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ යන මහත්තවරුද එක්වූහ.

    IMG 20210630 WA0069

    Last modified on බදාදා, 30 ජූනි 2021 16:19

    Latest News