මැදපෙරදිග රටවල් 6ක ගුවන් මගීන් සඳහා පනවා තිබූ තහනම ඉවතට

ජූනි 30, 2021

    මැදපෙරදිග රටවල් 6ක ගුවන් මගීන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඒ කොන්දේසි කිහිපයකට යටත්වයි.

    කටාර්,ඕමාන්,බහරේන්,එක්සත් අරාබි එමීර්, සෞදි අරාබිය හා කුවේට් යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් සඳහායි තහනම ඉවත් කෙරුණේ.

    එම රටවලින් පැමි‍ණෙන සියලු මගීන් පැය 96කට පෙර ලබා ගත් පී සී ආර් ප්‍රතිඵල සහතිකයක් මෙරට ගුවන්තොටුපොළ බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුයි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහතික පිළි නොගන්නා බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

    අදාළ රටේ රජය අනුමත කළ රෝහලකින් හෝ රාසායනාගාරයකින් ලබා ගත් පී සී ආර් සහතිකයක් විය යුතු අතර කියු ආර් සහ බාර්කේත ඊට ඇතුළත් විය යුතු වෙයි.

    හෝටල් ගත නිරෝධායනයට හෝ ශ්‍රී ලංකා සංචාරක ආයතනය ක්‍රියාත්මක කරන ජෛව බුබුළු ක්‍රමවේදයට අනුගතව පැමිණෙන මගීන් සඳහා පමණක් අනුමැතිය හිමිවන බවයි,සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

    Latest News