ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ රිය අනතුරකින් 2ක් මරුට

ජූනි 25, 2021

    ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

    ඊයේ දින(24) පස්වරු 7.00 ට පමණ අලුතින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ යතුරුපැදියක් සහ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කර එකිනෙක ගැටී ගිනි ගැනීමට ලක්වීමෙන් මෙම තරුණයන් දෙදෙනා මියගොස් තිබේ.

    එකම දිශාවට ධාවනයේ යෙදුන මෙම මෝටර් රථය සහ යතුරුපැදිය 59 වන කිලෝමීටර් කණුව අසලදී එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ 24ක් වයසැති තරුණයන් දෙදෙනෙකි. මෝටර් රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුන අතර ඉතිරි තිදෙනා පාලාගොස් තිබේ.

    ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නාරම්මල පොලිසිය පවසනවා.

    Latest News