ඥානසාර හිමිගේ මාස 6ක සිරදඩුවම වසර5කට අත්හිටුවයි

පෙබ 08, 2019

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබූ මාස 6ක සිරදඩුවම වසර 5කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කෙරිණ.

    අභියාචනයේ තීන්දුව මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළේ හෝමාගම මහාධිකරන විනිසුරු අමල් රණරාජා මහතා විසින්. පසුගිය වසරේ (2018) ජුනි මස 14 වැනිදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කෙරිණ. පසුව ඥානසාර හිමියන් කළ අභියාචනය අනූව ඇප මත නිදහස් කෙරුණි. හෝමාගම අධිකරණ භූමියේ දී සන්ධ්‍යා එක්නැළිගොඩට බැණ තර්ජනය කිරීමට එරෙහිවයි ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනුකර තිබුණේ.

     

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 07:11

    Latest News