විපක්ෂනායක හෙට ඉන්දියාවට

පෙබ 08, 2019

    ඉන්දියාවේ බැංගොලේර්හිදී (09, 10) පැවැත්වෙන සමුළුවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කරගෙන විපක්ෂනායකවරයා විසින් දේශයක් ද පැවැත්වීමට නියමිතයි.

    දෙවන දිනයේ දී මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා විසින්. ඉන්දියාවේ හිටපු උප ජනාධිපති හමීඩ් අන්සාරි මහතා, ඇෆ්ගනිස්ථාන හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා, මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා, දේශපාලන නායකයින්ද, සචින් ටෙන්ඩුර්කාර් වැනි ක්‍රීඩකයින්ද, කරන් ජොහාර් හා පද්මා ලක්ෂ්මි ඇතුළු කලාකරුවන් ද පසුගිය දෙවසර තුළ දි මෙම සමුළුවේ දේශන පවත්වා තිබේ. මෙම සමුළුවට සහභාගී වන අනිකුත් ප්‍රභූවරුන් මුණගැසීමට ද මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂිතයි.

    Latest News