රේගුවේ රාජ සන්තක ආහාර ද්‍රව්‍ය සතොසෙන් ජනතාවට

ජූනි 08, 2021

    වරායෙන් නිදහස් කරගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව මගින් රාජ සන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස මගින් සහන මිලට ජනතාවට අලෙවි කිරීමට තීරණය කර තිබේ.

    ඒ පිළිබඳ බන්දුල ගුණවර්ධන,රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනාව ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී අනුමත වී තිබේ.

    පවතින කොවිඩ්-19 වසංගත තත්වය යටතේ මහජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මිලට හිඟයකින් තොරව ලබාදීමේ ක්‍රමවේදයක් සතොස ආයතනය හරහා දැනටමත් ක්‍රියාත්මකයි.

    එය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස ආයතනය වෙත ලබාදීමට මෙමගින් පියවර ගැනේ.

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 12:23

    Latest News