ඊයේ දිනයේත් එන්නත් මාත්‍රා 69,573ක් ජනතාවට

ජූනි 03, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණ කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ එන්නත් මාත්‍රා 69,573ක් ලබා දී තිබේ.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 1,681 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 49,378 දෙනෙකු ඇතුළත්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 18,514 දෙනෙකු ඊයේ ලබාගෙන තිබේ.

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 21 ලක්ෂ 84,691ක්. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පිරිසට 9 ලක්ෂ 25,242 දෙනෙකු ඇතුළත්. එහි දෙවන මාත්‍රාව තුන් ලක්ෂ 50,163 දෙනෙකුට ලබාදී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 8 ලක්ෂ 46,583 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 62,703ක්.

    Latest News