රු.5000 දීමනාව ලබාදීම හෙට (02)

ජූනි 01, 2021

    සංචරණ සීමා කාලසීමාවේ ආදායම් අහිමි ජනතාවට රු.5000 දීමනාව ලබාදීම හෙට (02) ආරම්භ වේ.

    ඊට රුපියල් බිලියන 30ක් වෙන්කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. සමෘද්ධි දීමනාව ලබා ගැනීමට සුදුසුකම් සහිතව ලේඛනගත කර ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් පන් දහසේ දීමනාව සම්පූර්ණයෙන් හිමිවේ.

    ජීවනෝපාය අහිමිවීම මත තෝරා ගෙන ඇති පවුල් ද මීට ඇතුළත්. මුල් අවස්ථාවේදී ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත හෝ අදාල මහලේකම් කාර්යාලවල පොරොත්තු ලේඛනයේ වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් සහිතව ලේඛන ගතකර ඇති පවුල් සඳහා දීමනාව හිමියි.

    අභියාචනාවලින් තෝරාගෙන ඇති පවුල් සඳහා ද දීමනාව ලබාදේ. රජයෙන් කිසිදු දීමනාවක් නොලබන හා නොමිලයේ සේවා සපයන ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස, ළමා නිවාස හා ආබාධිත නිවාස වැනි සුභසාධන ස්ථානවල නේවාසිකයින් 04 දෙනෙකු එක් පවුලක් සේ සලකා ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරා ගන්නා ඒකක සඳහා ද පන් දහසේ දීමනාව ලබාදෙන ලෙස, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහාත නිකුත් කළ චක්‍ර‍ලේඛයේ දැක්වේ.

    Latest News