කොවිඩ්-19; එන්නත්කරණ වැඩසටහන යාපනය

මැයි 30, 2021

    කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා යුද හමුදාවේ මුලිකත්වයෙන් අද (30) දින එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ යුද්ධ හමුදා භට පිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දේ.

    යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන තුල එන්නත් කිරිමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරිණ.

    Latest News