මාතර එන්නත්කරණ වැඩසටහන අගමැතිතුමාගේ නිරීක්ෂණයට

මැයි 30, 2021

    මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් එන්නත්කරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    ඒ අනුව මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයට ගිය අගමැතිතුමා අදාළ එන්නත්කිරීම් සිදුවන අකාරය නිරීක්ෂණය කළේය. ජනතාව එන්නත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අගමැතිතුමා, ජනතාව අපහසුතාවයට පත් නොවන අකාරයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නැයි ද උපදෙස් දුන්නේය.

    රාජ්‍ය නිලධාරින්, පළාත් පාලන ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන්, සෞඛ්‍ය නොවන අත්‍යවශ්‍ය සේවා නිලධාරින් ඇතුළු පිරිසක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී එන්නත් ලබාගත්හ.

    මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News