පොහොර ලොරියක් නිවසක් මතට පෙරලී 2ක් රෝහලේ

මැයි 30, 2021

    මහනුවර සිට වැලිමට දක්වා පොහොර ප්‍රවාහන කළ ලොරි රථයක් හග්ගල මහ වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් 2ක් තුවාල ලබයි.

    ඉන් තුවාල ලබා ඇත්තේ රියදුරා සහ රිය සහායකයායි. ඔවුන් නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. ලොරි රථය නිවස මතට පෙරළෙන අවස්ථාවේ නිදන කාමරයේ සිය මව සිටි බවත් පසුව මව බේරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවත්, අනතුරෙන් නිවසට දැඩි අලාභහානි සිදුවූ බවත් නිවෙස් හිමියා පැවසීය.

    අනතුර අද (30) උදෑසන සිදුව තිබේ. අධික බෑවුමක් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරිය, හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා අනතුරට පත්ව තිබේ.

    Latest News