ගතවූ පැය 24 තුළ නිරෝධායනය කඩ කළ 914ක් අත්අඩංගුවට ගත්තා; පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැයි 30, 2021

    ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 914ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එය නිරෝධායන නීති කඩකිරීම නිසා දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිසයි. කොළඹට ඇතුළුවන සහ පිටවන රථවාහන කැළණි පාලම අසළදී, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාර්ග බාධක යොදා පරීක්‍ෂා කරනු ලැබීය.

    රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක අද දිනයේ අන්තර් පළාත් මාර්ග බාධකයන්හි පරීක්‍ෂා කිරීම් සිදුවිය. අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ගමන් ගන්නා වාහන ආපසු හරවා යැවිණ.

    Latest News