රත්නපුරට සහ මහනුවරට එන්නත්කරණය හෙට (30)

මැයි 29, 2021

    රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණය හෙට ආරම්භ කිරීමට නියමිතයි.

    ගාල්ල, මාතර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ. මීට සමගාමීව යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ද ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙළ හෙට සිට ක්‍රියාත්මක කෙරේ. එහිදී රුසියානු ස්පුට්නික්-වී එන්නත ලබාදීමට නියමිතයි. එන්නත්කරණය පිලිබඳ විශේෂ සාකච්ජාවක් කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාල ජාතික පාසල් පරිශ්‍රයේදී අද (29) පැවැත්විණ.

    ප්‍රමුඛතාව අනුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද එන්නත්කරණය හැකි ඉක්මනින් ආරම්භ කරන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    Latest News