කොවිඩ් සමයේ වංචනික ක්‍රියාවක්.....

මැයි 23, 2021

    පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ තම නම භාවිත කරමින් ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත් සාවද්‍ය බවත්, ඒ සඳහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ ලබා නොදෙන ලෙසත් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටින්නීය.

    එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බව අමාත්‍යවරිය පවසන්නීය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතනය ප්‍රවර්ධනය නොවන බවත්, පවසන අමාත්‍යවරිය එම පරිත්‍යාග රෝහල්වලින් විමසා සිදු කිරීම යෝග්‍ය බව පවසන්නීය. ඒ සඳහා තමාගේ නම යොදා ගැනීම අවශ්‍ය නොවන බවත්, අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

    කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි, ධානපතියන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන සහ පුද්ගලයින් සිය දායකත්වය ලබාදීම පිළිබඳව ද අමාත්‍යවරිය සිය කෘතවේදීත්වය පුද කළාය.

    Latest News