විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ බිරිඳට කොරෝනා

මැයි 23, 2021

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.

    ප්‍රේමදාස මහතා ෆේස්බුක් සටහනක් තබමින් මේ බව අනාවරණය කළේය. ජලනි ප්‍රේමදාස මහත්මියට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර, එහිදී කළ පීසීආර් පරීක්‍ෂණයකින් ඇයට රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පීසීආර් පරීක්‍ෂණයකට යොමුව ඇති අතර, එහිදී ඔහුට ද රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. 

    ඒ අනුව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ විපක්‍ෂ නායකවරයා සමඟ සමීපව කටයුතු කළ මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට සහ පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමුවන ලෙස දැනුම් දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    පාර්ලිමේන්තුව රැස් වූ දිනවල සීසීටීවී දර්ශන පරීක්‍ෂා කර අදාල පිරිස් හඳුනා ගැනීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

    Latest News