බස් 2කට යටවීමෙන් තරුණයෙක් මරුට

පෙබ 06, 2019

    මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට එච්. පී. උඩුරාවණ මාවතේ අද(06) සිදුවූ රිය අනතුරකින් අවුරුදු 29ක පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

    අනතුර ප.ව. 12.30ට පමණ සිදු වී ඇති අතර පෞද්ගලික බස් රථයකට හා ලංගම බස් රථයකට යට වීමෙන් මේ පුද්ගලයාගේ හිසට බරපතල තුවාල සිදුවී ඇත. ඔහු මහනුවර මහ රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවයි පොලීසිය සඳහන් කරන්නේ.

    මොනරාගල සිට පැමිණි ලංගම බස් රථයක් හා තවත් පෞද්ගලික බස් රථයක් මගින් මේ අනතුර සිදුව ඇත. බස් රථ දෙක හා රියදුරන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මහනුවර පොලීසිය පවසයි.

    Latest News