උපාධිධාරීන් 20,000කට මේ වසරේ දී රැකියා.. (වීඩියෝ)

පෙබ 06, 2019

    රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට ඉදිරි අය-වැයෙන්, මේ වසරේ දී රැකියා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන්නේ දැයි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රැකියා විරහිත උපාධිධාරීන්ට අදියරෙන්-අදියර රැකියා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, දේශපාලන කුමන්ත්‍රණය නිසා මේ කටයුතු අඩාල වූ බව ප්‍රකාශ කළේය.

    රජයක් හැටියට රැකියා ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා, අදියරෙන් අදියර උපාධියට සරිලන පරිදි සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා රැකියා ගත කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 10:01

    Latest News