මෙරට 13 ලක්ෂ 97,000 ඉක්මවූ පිරිසක් එන්නත්කරණයට

මැයි 19, 2021

    මේ වන විට කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දැනට ලබා දී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබා ගත් පිරිස 13 ලක්ෂ 97,000 ඉක්මවා ගොස් තිබේ.

    ඊයේ ලබා දී ඇති සයිනොෆාම් හා ස්පුට්නික් වී පළමු මාත්‍රා එන්නත් හා කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රා එන්නත් සංඛ්‍යාව 38,263ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 33,017 දෙනෙක්ට ලබා දී තිබේ.

    ඒ අනූව, මෙතෙක් එය ලබා දී ඇති සමස්ත පිරිස හාර ලක්ෂ 57,840ක්. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 17 දෙනෙකුට ලබා දී ඇති අතර, එය මෙතෙක් ලබාදී ඇති සමස්ත පිරිස 14,917ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 5,229 දෙනෙක්ට ලබා දී තිබේ. මෙතෙක් එය ලබා ගත් පිරිස දෙලක්ෂ 97,686ක්.

    මේ අතර රත්මලාන - උද්‍යාන පාරේ පිහිටි ළමා හා මාතෘ සායනයේ දී, අද එන්නත් ලබාදීමේ වැඩසටහනක් පැවැත්වෙයි. එහිදී වෙඩිකන්ඳ ග්‍රාම සේවා වසමේ 960 දෙනෙක් සඳහා එන්නත් ලබාදීමට නියමිතයි. මොරටුව - එගොඩඋයන,විශ්වාලෝක විද්‍යාලයේ දී එන්නත්කරණ වැඩසටහනක් ඊයේ පැවැත්විණ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ එගොඩඋයන පොලීසිය එක්ව මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධාන කර තිබිණ. එන්නත් ලබාදුන් පිරිස 1,100ක්.

    Latest News