ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

මැයි 19, 2021

    බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකටම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා - ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

    මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා - ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනූව අද පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

    මීට අමතරව හෙට (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. 

    Latest News