මෙරට කොවිඩ් මරණ 1000 ඉක්මවයි..තවත් මරණ 34ක්

මැයි 19, 2021

    මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබේ.

    ඒ ඊයේ, දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස මරණ 34ක් වාර්තා වීමත් සමගයි. ඒ අනූව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ගතවූ පැය 24 තුල කොවිඩ් ආසාදිතයින් 2,518ක් වාර්තා විය. ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 147,720ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 121,145ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ ඒ අනූව මෙරටින් වාර්තා වන සක්‍රීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,560ක් බවයි.

    Latest News