ඊයේ තවත් 64,260කට සයිනොෆාම් එන්නත

මැයි 14, 2021

    'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ තවත් 64,260 දෙනෙක්ට ලබා දුන්නේය.

    ඒ අනූව, මෙතෙක් එය ලබා ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 214,880ක්.

    ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට 14,673 දෙනෙක්ට මෙතෙක් ලබාගත් බවයි, වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් සමස්ත පිරිස දෙලක්ෂ හතළිස් එක් දහස් පන්සිය විසි දෙකක්.

    සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයින්ට සයිනොෆාම් එන්නත පළමු මාත්‍රාව 2,865ක්ද, දෙවන මාත්‍රාව 2,435ක්ද ලබා දී තිබේ.

     

    Latest News