අඩු පහසුකම් සහිත රෝහල්වල ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමට පියවර

මැයි 10, 2021

    කොවිඩ් ව්‍යාප්තවීම බහුල ප්‍රදේශවල අඩු පහසුකම් සහිත රෝහල්වල ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ යටතේ සියලු පහසුකම් සහිත තාවකාලික වාට්ටු සංකීර්ණ ඉදිකිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක්‍රියාත්මකයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්‍ෂ අරමුදල සහ පක්‍ෂයේ පරිත්‍යාගශීලීන් මීට ප්‍රතිපාදන සපයයි. ඊයේ ආරම්භ කෙරුණු වැඩසටහන හෙට අවසන් කිරීමට නියමිතයි. ඇඳන් 50 කට වැඩි සංඛ්‍යාවකින් සහ ඕනෑම ප්‍රතිකාරයක් ලබාදිය හැකි අයුරින් ප්‍රතිකාර ඒකක නිර්මාණය ඉලක්කයයි.

    Latest News