ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් අත්හිටුවයි

මැයි 06, 2021

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

    පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුව මේ තීරණය ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. කෙසේ වෙතත් ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට වෙනත් ගමනාන්තයක් වෙත යාමේ හුවමාරු ගුවන් තොටුපළක් ලෙස කටුනායක ගුවන්තොටුපල භාවිතා කිරීමට අවසර හිමි වන බව එම අධිකාරිය ප්‍රකාශ කළා.

    Latest News