කොවිඩ් තත්වය හේතුවෙන් දුම්රිය 20ක් අවලංගු කෙරේ

මැයි 06, 2021

    කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් දුම්රිය ගමන් වාර 20ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

    දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න මහතා...

    "ශ්‍රී ලංකා දුම්රිය සේවය අද දින සිට දුම්රිය විස්සක් අවලංගු කළා" මගින් අවම ලෙස ගමන් කරන නිසා එම පාඩුව අවම කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව සාමාන්‍යධිකාරි වරයා පැවසුවා. "මුළු දුම්රිය විස්සක් මේ අනුව අවලංගු වෙනවා මගීන්ට අපහසුවක් නොවන පරිදි මෙම අවලංගු කිරීම සිදු කර තිබෙනවා. කාර්යාල දුම්රිය අවලංගු කර නැහැ. කාර්යාල දුම්රිය හයක් මේ වෙනුවට තවත් වැඩිකර තිබෙනවා. දුම්රිය හතක් ලබන හත්වැනි දා සිට වැඩිකිරීමට කටයුතු කරනවා. මෙසේ කාර්යාල දුම්රිය වැඩි කිරීමට හේතුව වන්නේ කොරෝනා තත්ත්වය හේතුකොටගෙන දුම්රියවල මගින් ගමන් කරන විට දුරස්ථභාවයක් තබාගෙන ගමන් කළ යුතු නිසයි. නියෝජ්‍ය තැපැල්පති තුමා ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබෙනවා දුම්රිය සේවයට රාත්‍රී තැපැල් දුම්රියවල ඇති තැපැල් මැදිරි අවලංගු කරන ලෙස ඒ අනුව තැපැල් දුම්රිය කිහිපයක් මේ වන විට අවලංගු වෙනවා. කොළඹ කොටුව බදුල්ල කොටුව ත්‍රිකුණාමලය කන්කසන්තුරේ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය මේ අනුව අවලංගු වෙනවා. දෙනුවර මැණිකේ හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මීට පෙර අවලංගු කර තිබෙනවා. මෙම අවලංගු කිරීම් නැවත දන්වන තුරු ක්‍රියාත්මක වෙනවා.

    මේ වන විට දුම්රිය සේවය විශේෂ දුම්රිය යොදවලා මගීන්ට පහසුකම් සලසලා තිබෙනවා. දුම්රිය තුළ නියමිත දුරස්ථභාවය සහ මුඛ ආවරණ සහිතව දුම්රියවල ගමන් කරන ලෙසත් එම පහසුකම් අනුව දුම්රිය මගීන්ට දුරස්ථභාවය තබාගෙන ගමන් කළහැකි ලෙසත් මේ කටයුතු සියල්ල සිදුකර තිබෙනවා. ඒ වගේම රජයේ සේවකයින්ට පහසුකම තිබෙන අතර ඒ වොරන්ට් අවලංගු වී ඇත්නම් ඒවා නැවත නව බලපත්‍ර හැටියට සකසා ගැනීමට හැකිය."

    පවතින කොවිඩ් 19 තත්වය නිසා ගමන් කරන මගීන් ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් පහත සඳහන් දුම්රියන් 2021 මැයි මස 06 සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

    train-time-table.jpg

     

     

    Latest News