මංගල උත්සව සහ මහජන රැස්වීම් සති දෙකකට තහනම් – හමුදාපති

අප්‍රේ 30, 2021

    රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දා (මැයි 03) දිනයෙන් පසු සති දෙකක කාලයක් තහනම් කරයි.

    ඒ අනුව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    වත්මන් කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

    Latest News