අමාත්‍ය මහින්දානන්ද ඇතුළු 2කට එරෙහි අල්ලස් නඩුවක් ලබන ජුනි 9 කැඳවේ

අප්‍රේ 30, 2021

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් රුවන් ශිව ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නිකුත් ජපාන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් ජුනි මස 09 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුව අද ශෂී මහේන්ද්‍රන්, අමල් රණරාජා සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරනු ලබන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති වලට ප්‍රවේශය ලබා ගැනීමේ කටයුතු මේ දක්වා අවසන් කර නොමැති බවයි.

    ශ්‍රී ලංකා රෙගුව ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා දෙපාර්තමේන්තුව මහජන බැංකුව ජාතික විගණන කාර්යාලය ලංකා සතොස වැනි ආයතන වල මෙම පරිගණක පද්ධති පවතින බව ද ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නා.

    ඒ අනුව මෙම පරිගණක පද්ධති නිරික්ෂණ කටයුතු අදාල ප්‍රවේශය කඩිනමින් ලබාදෙන ලෙස අදාළ ආයතනවලට නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව නැවත ජුනි මස 09 වනදා කැදවීමට ද නියම කළා.

    මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව අල්ලස් පනත යටතේ පවත්වාගෙන යාමට පවතින නොහැකියාව පිළිබඳව අල්ලස් කොමිසම වෙත තම සේවාදායකයා කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බවද දන්වා සිටියා.

    2014 වසරේ සැප්තැම්බර් මස පල වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

    මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර තිබෙනවා.

    Latest News