ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයක්

අප්‍රේ 28, 2021

    ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් ඇති වී තිබේ. එය මැග්නිටියුඩ් ඒකක 6.4ක් ලෙසයි, සටහන් වී ඇත්තේ.

    භූකම්පනයේ වැඩිම ප්‍රබලත්වයක් දැනී ඇත්තේ,ගුවහාටී සිට කිලෝමීටර 140ක් උතුරින් පිහිටි ඩෙකියාජුලි නගරයටයි. ඇසෑම් හි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබේ. කෙසේ වුවද, මෙතෙක් කිසිඳු ජීවිත හානියක් වාර්තා නොවේ.

    ඇසෑම් හි භූ කම්පනයෙන් පසු උතුරු සහ ඊසානදිග බෙංගාලයේ ප්‍රදේශ කිහිපයක පසු භූ කම්පන තත්වයන් වාර්තා විය.

    අසල්වැසි භූතානයේ ප්‍රදේශ කිහිපයකට ද භූ කම්පනය බලපා ඇති අතර, ජනතාව සිය නිවෙස්වලින් පලා යාමටයි, කටයුතු කර ඇත්තේ.

    ඇසෑම් භූ කම්පනය පිළිබඳ ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, ආපදාවට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීමට ක්‍රියා කරන බවයි.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 11:14

    Latest News