නිරෝධායන නීති උල්ලංඝණය නිසා, විදුහල්පතිට නඩු....

අප්‍රේ 25, 2021

    නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිට එරෙහිව නඩු පවරන බව, කොට්ටමුණි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාල පවසයි.

    සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් සියයකට අධික පිරිසක් සහභාගි කර ගනිමින් පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් සංවිධාන කිරීම ඊට හේතුවයි. රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය බලධාරින් සහ පොලිසිය රැස්වීම් ශාලාවේ සිටි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

    Latest News