දිවයිනේ පළාත් කිහිපයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අප්‍රේ 25, 2021

    අදත් දිවයිනේ පළාත් කිහිපයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු මැද සහ වයඹ යන පළාත්වල තැනිත් තැන සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළංද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    Latest News