ප්ලාස්ටික්වලින් තොර පරිසර හිතකාමී වැඩපිළිවළට අමෙරිකාවේ සහය

අප්‍රේ 24, 2021

    ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හරහා සිදුවන දූෂණය පිටුදැකීම සඳහා වන පරිසර හිතකාමී වැඩපිළිවෙලට අමෙරිකා එක්සත් ජනපදය ආධාර සපයයි.

    එහි පළමු ප්‍රධානය වශයෙන් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 45,000ක මුදලක් මෙරටට පිරිනැමීමට නියමිතයි.

    අමෙරිකා එක්සත් ජනපදය රජය විසින් හඳුන්වා දෙනු ලැබූ පිවිතුරු නගර නීල සාගර වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ක්‍රියාවලියට සහය පිරිනැමෙයි.

    පළමු මූල්‍ය ප්‍රදානය ඉකුත් දා කොළඹ පැවති උත්සවයක දී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් නිවේදනය කරනු ලැබීය.

    පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද ඊට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 16:54

    Latest News