තවත් කොවිඩ් මරණ 04ක් : 18 හැවිරිදි තරුණියක් ද ඒ අතර

අප්‍රේ 24, 2021

    ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

    ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතර වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන තරුණියක් ද වෙයි. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ,කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයක්.

    මීට අමතර වයස අවුරුදු 35, 40 සහ 71ක් වයසැති පුද්ගලයින් තිදෙනෙක් ද කොවිඩ් ආසාදිතව ජිවිතක්ෂයට පත්ව තිබේ.

    Covid death 900px 21 04 24

    Last modified on සෙනසුරාදා, 24 අප්‍රේල් 2021 12:32

    Latest News